වසර දෙකකට පමණ පසු සිරිපාදේ යන්න අවස්ථාව
- 2021-11-30 17:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ඒ බව (30) දින කියා සිටියේ 2021-2022 වසර සදහා ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදිය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කරමින් ශ්‍රී පාදය කරුණා කිරිමට බැතිමතුන්ට අවස්තාව ලැබෙන බවයි.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත්කරණ ලද කාඩ්පතද රැගෙන ඒම තුළින් කිසිදු බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බවයි.
වසර දෙකක් තිස්සේ මෙරටට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවස්ථාව නොලැබුණු බවත්,ඒ අනුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය පැවැත්විමේදි ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබුහ.
Reply To:
Name - Reply Comment
0 Comments